තොරතුරු දැනගැනීමේ පනත
මේ වන විටත් ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත පුරවැසියන් වශයෙන් ලැබිය හැකි සුවිශේෂී ජයග්‍රහනයකි. තොරතුරු දැනගැනීමේ පනත දැනට ලොව රටවල් 72ක බලාත්මක ය. කැනඩාව, ෆින්ලන්තය,
ඇමෙරිකාව, ඩෙන්මාර්කය,
බ්‍රිතාන්‍යය, ප්‍රංශය,
ජර්මනිය වැනි ධනවත් රටවල් මෙන්ම රුවන්ඩාව,
සර්බියාව ක්‍රොඒෂියාව, ඉන්දියාව
වැනි දිළිඳු හා ගැටුම් සහගත රටවල් ද ඒ අතර වේ. අසල්වැසි ඉන්දියාව තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර අැත්තේ 2005
දී ය. 2016 වන විටත් මෙම පනතක් සම්මතව නොමැති දකුණු අාසියාවේ එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි.

තොරතුරු දැන ගැනීමේ අයිතිය විශේෂ පනතක් මගින් මෙරට
ව්‍යවස්‌ථාවේ අන්තර්ගතව නැතත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අදාළ වගන්ති වලින් මේ කරුණු
බොහොමයක් ආවරණය වන බව ඇතැමුන් ගේ අදහසයි. කෙසේ වෙතත් තවත් විද්වතුන් පෙන්වා
දෙන්නේ තොරතුරු ලබා ගැනීමේ නිදහස සඳහා මෙරට ව්‍යවස්ථාවේ ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන
නොමැති බවයි. විශේෂ නීති මගින් තොරතුරු දැනගැනීමට ඇති ඉඩකඩ අහුරා ඇති බව ද දක්නට ලැබේ. උදාහරණ ලෙස 1955 නිල රහස් පනත (Official Secret Act - No
32) දැක්විය හැකිය. මේ පනත මගින් රාජ්‍ය රහස් ජනමාධ්‍ය වෙත හෝ
වෙනත් පුද්ගලයකු වෙත හෝ නිකුත් කිරීම තහනම් කොට තිබේ. එසේ ම 1973 අංක 5 දරන
පුවත්පත් මණ්‌ඩල පනතෙන් ද රාජ්‍ය රහස් ප්‍රකාශයට පත් කිරීම දඩුවම් ලැබිය හැකි
වරදක් බව පෙන්වා දී තිබේ. කැබිනට් ලේකම් ගේ අනුමැතිය නො ලැබෙන කැබිනට් ලේඛන ප්‍රකාශයට
පත් කිරීම ද එමගින් තහනම් කර තිබේ. ජනතාව ගේ හා රටේ සුබසිද්ධියට මොන තරම් බලපෑමක්
කළ ද මෙවැනි රහස්‍ය තොරතුරු පිටතට දීම තහනම් විය. ආයතන සංග්‍රහයේ පළමු කාණ්‌ඩයේ 31 පරිච්ඡේදයේ තුන සහ දෙක වගන්තියෙන් ලංකාවේ රාජ්‍ය
නිලධාරීන්ට මාධ්‍ය වෙත තොරතුරු දීම තහනම් කර අැත. මෙයින් ඍජු ලෙස ම මාධ්‍ය නිදහස සීමා වීමක් ලෙස අර්ථ කථනය වන අතර ඉන් වක්‍රාකාරව සීමා කර අැත්තේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියයි. මේ නීතියේ
විනාශකාරී බව පෙනී ගිය එක් අවස්‌ථාවක් වූයේ සුනාමියයි. සුනාමි විනාශයේ දී තොරතුරු
නිසි ලෙස සන්නිවේදනය වූවා නම් මෙතරම් ජීවිත හානි නො වන්නට ඉඩ තිබූ බව ප්‍රකට
කරුණකි.
ලංකාවේ විටින් විට විවිධ අවස්ථා වලදී විවිධ පුද්ගලයන් විසින් මෙම පනෙතහි අවශ්‍යතාව ඉස්මතු කරන ලදි. 1996 දී ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ මාධ්‍ය නිදහස හා ප්‍රකාශනයේ නිදහසට බලපාන නීති ප්‍රතිසංස්කරණය සදහා පත් කළ උපදේශක කමිටුව (අාර්.කේ.ඩබ්.ගුණසේකර කමිටුව) විසින් ප්‍රථම වරට මෙරට තාෙරතුරු දැනගැනීමේ පනතක් ගෙන අා යුතු බවට නිර්දේශ කරන ලදි. මීට අදාළ කෙටුම්පතක් 2003 දී බිහි වූ අතර 2010 දී කරු ජයසූරිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කළේ ය. ඉන් අනතුරුව 2015 ජනාධිපති මැතිවරණයත් සමග යලි කරලියට පැමිණි තොරතුරු දැනගැනීමේ පනත මේ වන විට බලාත්මක කිරීමට සූදානම් කෙරෙමින් පවතීයි.
දැනට පවතින නව කෙටුම්පත බිහි වූයේ සාමාජිකයන් 11 දෙනකු ගෙන් සමන්විත කමිටුවකිනි. ඒ සදහා නීති ක්‍ෂේත්‍රයේ නිලධාරීන්,
සිවිල් සේවකයන්, ජනමාධ්‍යවේදීන් හා
වෙනත් විද්වතුන් ඇතුළත් විය. කෙසේ වෙතත් පහත දැක්‌වෙන සීමාවන්ට මේ තොරතුරු හෙළි
කිරීම් යටත් වේ.
1. මහජන සුබසිද්ධියට ඉතා ම බරපතළ ලෙස අදාළ වේ නම් මිස පුද්ගලයකු
ගේ පෞද්ගලික තොරතුරු හෙළි කිරීම නො කළ යුතු ය.
2. රාජ්‍ය අරක්‌ෂාවට, භෞමික අඛණ්‌ඩතාවට
තර්ජනයක් වන හෝ ජාත්‍යන්තර නීතියට පටහැනි තොරතුරු කිසිසේත් ලබා නො දේ.
3. රටේ ආර්ථිකයට බරපතළ අවදානමක් ඇති කළ හැකි තොරතුරු ද ලබා නො
දේ.
4. යම් පුද්ගලයකුට හානියක් සිදු වන බව හැගී යන්නේ නම් පෞද්ගලික
වෛද්‍ය වාර්තා/ වෛද්‍ය තොරතුරු ලබා නො දේ.
5. අංක 126 දරන සාක්‌ෂ්‍ය පනතට අදාළව ඒ
යටතේ ගැනෙන කිසිදු සාක්‌ෂ්‍ය තොරතුරක් ලබා නො දේ.
6. අපරාධකරුවකු අතට පත් වීමෙන් අගතියක් විය හැකි අපරාධ තොරතුරු
ද ලබා නො දේ.
7. පාර්ලිමේන්තු වරප්‍රසාද කැඩෙන තොරතුරු ද නො දේ.
8. විභාග දෙපාර්තමේන්තු රහස්‍ය තොරතුරු නො දේ.
මේ පිළිබදව ද විවිධ මතවාද පවතීයි. ජාතික ආරක්‌ෂාව, විෂමාචාර හා අපරාධ
මර්දනය වැනි දැ සම්බන්ධයෙන් නීතිමය සීමා පැනවීම අවශ්‍ය වන නමුත් අැතැම් කරුණු වර්තමානයට නොගැළපෙන බවට අදහස්
ඉදිරිපත් ව ඇත. සදාචාරය ආරක්‌ෂා කළ යුතු ය යන්න ගත් විට සදාචාරය
යනු සාපේක්‌ෂ ප්‍රපංචයකි. එනම් එය අර්ථකථනය වන්නේ යම් සමාජයකට හෝ පුද්ගල කාණ්‌ඩයකට
සාපේක්‌ෂ ව ය. එය නිශචිතව දැක්වීම අසීරු වන්නකි. මෙලෙස පුළුල් පරාසයක් ගැනීම නිසා තොරතුරු දැනගැනීමේ ක්‍රියාදාමයට
බාධා පැමිණීමේ ස්‌වරූපය ද පුළුල් වේ. මන්ද යත් ඉල්ලුම් කරන ඕනෑ ම තොරතුරක්
සදාචාරය වැන්නකට පටහැනි ය කියා ප්‍රතික්‌ෂේප කිරීමේ අයිතිය බලධාරියාට ලැබෙන බැවිනි. යෝජිත කෙටුම්පතේ ඇතැයි කියන අනන්‍යයන් ගේ කීර්තිය සුරැකීම සම්බන්ධයෙන්
පැණවෙන බාධාව ද විශේෂයෙන් සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. මේ අනුව ඕනෑ ම දේශපාලනඥයකුට
අයත් යම් ලිපිගොනුවක් කීර්තිය පළිහක් කරගනිමින් ලබා
දීම ප්‍රතික්‌ෂේප කරන්නට හැකි වේ.
යෝජිත කෙටුම්පතෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්‌ෂා කෙරෙන පරිදි ද
සීමාවන් පැනවී ඇත. පාර්ලිමේන්තු වරප්‍රසාද පවා පැවතිය යුතු වන්නේ අවසාන විග්‍රහයේ
දී මහජනයා වෙනුවෙනි. එය යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගේ ක්‍රියාදාමයන් සම්බන්ධ
තොරතුරු දැනගැනීමට බාධාවක් වන්නේ නම් අසාධාරණ බව ඇතැමුන් ගේ මතයයි. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත්මට මෙම පනතේ ක්‍රියාකාරීත්වය වැදගත් වේ.
No comments:
Post a Comment