සා
දුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්.......

මැයි පළමුවැනිදා, මැයි දිනය ලෙසද සැලකෙන අතර එය ලෝක කම්කරුවන්ගේ දිනය ලෙස සැලකේ. මීට
සතවර්ෂයකට එපිට කාලයක් දක්වා විහිදෙන මැයි දින ඉතිහාසය ලෝකය ට මතක් කර දෙන්නේ
වැඩකරන ජනතාව යනුවෙන් පිරිසක්ද සමාජය තුළ වෙසෙන බවයි. මැයි දිනය ආරම්භ වූයේ 1886 වර්ෂයේදී ඇමරිකාවේ හේමාකට් චතුරස්‍රයේදීය. ඒ 65,000 කට අධික වැඩකරන ජනතාවක්, පැය 8 ක
වැඩමුරයක් ඉල්ලාය. කම්කරු ජනතාවගේ මෙම ඉල්ලීමට එකග නොවූ චිකාගෝ කර්මාන්ත ශාලා හිමියන් තම කර්මාන්ත ශාලාව
වසා දැමීමට තීරණය කිරීම නිසා තත්ත්වය උණුසුම් විය. හාම්පුතුන්ගේ දරදඬු පාලනයට
විරුද්ධ වූ කම්කරු ජනතාව පෙළපාලි දැක් වූ නිසා ඔවුන්ගෙන් සිව් දෙනෙකු පොලිස් වෙඩි
පහරින් මරණයට පත් වූහ. මේ නිසා ආවේගයට පත් දහස් ගණන් වන ජනයා චිකාගෝ හේමාකට් චතුරස්‍රයට
ගලා එන්නට පටන් ගත්හ. මෙසේ රැස් වූ ජනයා අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙළ ගැසුණු
අතර මිනීමරුවන් පෙන්වා දඬුවම් කරන්නැයි රාජ්‍ය පාලකයන්ගෙන් ඉල්ලා සිටියේය. මේ අතරතුර පොලිස්
ඔත්තුකරුවෙකු එල්ල කළ බෝම්බයකට හසුව පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මරුමුවට පත්වූහ.
මෙයින් පසු පොලීසියේ තුවක්කුද නැවත ජනතාවට එල්ල විය. එයින් කීප දෙනෙකු මරණයට පත්
වූ අතර එහි සිටි දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම සිද්ධිය වාසියට හරවා ගත්
චිකාගෝ පොලීසිය කම්කරු නායකයින්ට දඬුවම් කළ අතර කම්කරු නායකයෝ සිව් දෙනෙකුට මරණ
දඬුවමද දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමද පැනවූහ.සංවිධානාත්මකව සිදු වූ
කම්කරුවන්ගේ ප්‍රථම අරගලය ලෙස වාර්තා වන මෙම සිදුවීම පාදක කර ගනිමින් එලෙස ජීවිතය
පූජා කළ තම සගයින් සිහිවීම පිණිස ආරම්භ වූ කම්කරු දිනය පසුව ජාත්‍යන්තර කම්කරු
දිනය ලෙස ප්‍රකාශයට පත්කෙරිණි.
කම්කරු
අයිතීන් වෙනුවෙන් සටන් වැද ජීවිත පුදා දිනාගත් අයිතීන් සුරක්‌ෂිත කරනු පිණිස මෙන්ම
ඒ වෙනුවෙන් තම දිවිය පූජා කළාවූ සටන් සගයන් සිහිකිරීම පිණිස ලොව වටා කම්කරුවන්
විසින් මහත් අභිමානයෙන් සමරනු ලබන කම්කරු දිනය යෙදී ඇත්තේ සෑම වසරකම මැයි මස පළමු
වැනිදා බැවින් එය සමහරු විසින් කම්කරු දිනය ලෙසටත් සමහරු විසින් මැයි දිනය ලෙසටත්
හැඳින්වීමට පුරුදු වී ඇත. කොයි ලෙසකින් හැඳින්වූවද මෙම දිනය වැඩකරන ජනතාවට ඉතාමත්
සුවිශේෂී දිනයකි. සියලු වැඩකරන ජනතාව එක්‌රොක් වී වීදිබැස තමන්ගේ ශක්‌තිය, ජවය මුදාහරින්නේ එදිනය. ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය 1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ
මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට ක්‍රීඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය. මෙම මැයි
පෙළපාලිය පාලනය සඳහා කම්කරු පොලිස් හමුදාවක් යොදා තිබුණු අතර මත්පැන් පානයද තහනම්
විය. සැබවින්ම එය විනය ගරුක කම්කරු උළෙලක් විය. වර්තමානය
වන විට ලංකාවේ මැයි දිනය ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් තම පක්ෂයට අැති ශක්තිය ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෙස දැවැන්ත පෙළපාලි
සංවිධානය කරනු දක්නට ලැබේ. නමුත් සැබැවින්ම සිදුවිය යුත්තේ කම්කරුවාට අැති
දහසකුත් ගැටලු, අර්බුද, දුෂ්කරතා
අාදිය හදුනාගෙන විඳවන ජීවිතය විඳින්නට ඔවුන්ටද අවස්ථාව ලබා දීම බව අවබෝධ කර
ගැනීම නොවේ ද? ඔවුන්ටද හඩ නැගීමට අවස්ථාවන් උදා කර දීම නොවේ ද? කම්කරුවාට හිමි එකම දිනයද ඔවුන්ට අහිමි වී යන සෙයක් පවතියි.එසේ නොවී කම්කරුවාටද ගරු කරන සමාජයකට පිය මැනීමට කාලයයි මේ.....

No comments:
Post a Comment