Saturday, April 23, 2016

ලෝක මිහිතක දිනය




      ලෝක මිහිකත දිනය (world earth day) අප්‍රේල් මස 22වන දා ලොව පුරා සමරනු ලබන්නේ ලෝකයේ පාරිසරික ආරක්ෂාව ගොඩ නගා ගැනීම වෙනුවෙනුයි.


     1969 දී සැන් ෆ්‍රැන්සිස්කෝහි යුනෙස්කෝ සමුළුවේදී සාමය ක්‍රියාකාරිකයෙකු වූ ජෝන් මැක්කෙනල් 1970 මාර්තු මස 21 වන දා පෘථිවියට ගෞරව කිරීමක් වශයෙන් මෙම දිනය හා සාමය පිළිබඳ සංකල්පය යෝජනා කර තිබේ. 1970 වර්ෂයේ සිට සෑම වර්ෂයකම මෙම දිනය විවිධ තේමාවන් ඔස්සේ සමරනු ලබනවා.  


     ඒ වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක උත්සව සංවිධානය කරනවා. මෙවර සමරනු ලබන්නේ 46 වන ලෝක මිහිකත දිනයයි. එහි තේමාව වනුයේ "මිහිකත සුරැකීම සඳහා පෙරට එමු" යන්නයි.




        ලොව රටවල් විශාල ප්‍රමාණයක් සමරනු ලබන මෙම දිනයේදී නව ගස් රෝපණය කිරීම හා අනාගතය වෙනුවෙන් පරිසරය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේද තුළින් පෘථිවි තලය ආරක්ෂා කර ගැනීම පිළිබඳව දැඩි ආකල්පයක් මිනිසුන් තුළ ඇති වීමට හේතු වෙනවා.


      21 වන සියවසේ දිවි ගෙවන අපේ වගකීම වන්නේ අනාගත පරපුරට ලස්සනපිරිසිදු ලෝකයක් නිර්මාණය කිරීමයි. ඒක නිසා පරිසරය අපවිත්‍ර වන ඉවතලන ද්‍රව්‍යය නිසි ක්‍රමවේද අනුව පරිසරයට බැහැර කරනවා නම් අපෙන් පරිසරයට වන හානිය ටිකක් හරි අවම වෙනවා. පහසුවෙන් දිරන්නෙ නැති ද්‍රව්‍යය පරිහරණය අවම කරන්නඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්න අපිට පුලුවන්නෙ. ඒ වගේම ගස්වැල කපනවා වගේම ඒවා හිටවන්නත් අපිට පුලුවන් වෙන්න ඕනි. මිනිස්සුන්ට වගේම ගස් වැල්සතා සීපාවටත් මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතියක් තියෙන බවත් අමතක නොකර ස්වභාවධර්මයා සමග සහයෝගයෙන් ජීවත් වෙන්න පුලුවන් නම් වටිනවා නේද?







අපට ජීවය දෙන මිහිකත් මව සුරකින්න අපි හැමෝම පෙළ ගැසෙමු. . . . . .

No comments:

Post a Comment