Saturday, April 23, 2016

නායකත්වය



            නායකත්වය යන සංකල්පය වර්තමානයේ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරෙන මාතෘකාවක් වශයෙන් හැඳින්විය හැකියනවීන තොරතුරු යුගයේදී කණ්ඩායම් ගතව ක‍්‍රියාක්මකවීමේ අවස්ථා බහුල වී ඇතවිශේෂයෙන්ම වත්මන් ධනවාදී ආර්ථික රටාවත් සමග ව්‍යාපාරික  සමාජය හා ගනුදෙණු කිරීමේදී සේම සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාමේදී විවිධ අවස්ථා අනුව එකට එකතුවී කාර්යන් ඉටු කිරීමට පුද්ගලයාට සිදුවේකණ්ඩායමක් ලෙස ක‍්‍රියා කිරීමේදී අපේකෂාවන් සඵල කරගැනීමට නිසි මගපෙන්වීමක්මෙහෙයවීමක් හේතුවේසමාජ ජීවියෙකු වන මිනිසා පමණක්ම නොව සතුන්ගේ ලෝකයේද විවිධ කණ්ඩායම් නැතහොත් සමූහ වශයෙන් ජීවත් වීමට ප‍්‍රියතාවයක් දක්වයිමෙසේ එකට එකතුවී කාර්යයන්හි නිරත වන කණ්ඩායම් මෙහෙයවීම සඳහා ප‍්‍රධානත්වය ගන්නා පුද්ගලයා "නායකයා" ලෙස සරලව හැඳින්වේඒ සඳහා දක්නට ලැබෙන නිර්වචන අතර "නායකත්වය යනු යම් අවස්ථාවක පරමාර්ථයක් ලඟාකර ගැනීම සඳහා පුද්ගලයන් හෝ කණ්ඩායම් කටයුතු වලට බලපෑම් කිරීමේ ක‍්‍රියාවලියයි." (හේවගේ,2014;01) යම් කාර්යයක නිරත වීමේදී නාකයාට හිමිවන බලය හා අධිකාරීත්වය හේතුවෙන් කණ්ඩායමේ සාමාජිකයන්ට බලපෑම් කිරීමේ හැකියාව පවතියිඔවුන් ලවා කණ්ඩායම අරමුණු වෙත සාර්ථකව මෙහෙයවීමට හැකිවේ.

        නායකත්වය පිළිබඳ පුළුල් විග‍්‍රහයකට මත්තෙන් නායකයා නිර්මාණය වන කණ්ඩායම යන්න හඳුනා ගැනීම වැදගත්වේකණ්ඩායමක් යනු යම් අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටු කරගැනීම සඳහා දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එකට එකතුවී ක‍්‍රියා කිරීම වශයෙන් අර්ථ දැක්විය හැකි යඑහි දී පිරිසක් එක් ස්ථානයකට රැස්ව සිටි පමණින්ම එය කණ්ඩායමක් ලෙස නිර්වචනය කළ නොහැක මන්දයත් ප‍්‍රතිකාර අපේක්ෂාවෙන් වෛද්‍යවරයෙකු වෙත පැමිණ සිටින රෝගීන් පිරිසක් එම අවස්ථාවේ එකට එකතුවී සිටිය ද ඔවුන් කණ්ඩායමක් ලෙස නොසැලකේඑයට හේතුව වන්නේ ඔවුන් එකම අරමුණක් වෙනුවෙන් නොව එකිනෙකට වෙනස් වූ ස්වාධීන අරමුණු වෙනුවෙන් රැස්ව සිටීමයිලොව දැනට පවත්නා කණ්ඩයම් ප‍්‍රාථමික කණ්ඩයම් හා ද්විතීක කණ්ඩයම් වශයෙන් වර්ග කළ හැකියසාමාජිකත්වය හිමිවන ස්වභාවය එනම් උපතින්ම සාමාජිකත්වය හිමි වන කණ්ඩයම් ප‍්‍රාථමික කණ්ඩයම් ලෙසත් ස්ව කැමැත්ත හෝ පෙළඹවීම මත සාමාජිකත්වය ලබා ගන්නා කණ්ඩයම් ද්විතීක කණ්ඩයම් ලෙසත් හැදින්වේමෙම කණඩායම් විවිධ ගති ලක්ෂණ සහිතව විවිධාකාර අරමුණු වෙනුවෙන් ක‍්‍රියාත්මකවේකණ්ඩායමක සාර්ථක හෝ අසාර්ථක බව තීරණය වීමට කණ්ඩායමේ අරමුණුසාමාජිකයන් සේම නායකත්වයේ ස්වභාවයද බෙහෙවින් ඉවහල්වේඒ අතරින් මෙහිදී අවධානය යොමු කර ඇත්තේ නායකත්වය යන අංශය වෙතයි.

        ඒ පිළිබඳව විවිධාකාර වූ අදහස්වාද විවාදමතවාද ආදී ලෙසින් ඉදිරිපත්වී ඇති තොරතුරු රැසකිනායකත්වය යන්න සුරාසුර යුද්ධයෙන්ද ඔබ්බට විහිඳ යන්නකිඅතීත මානවයා රංචු ලෙස දිවිගෙවූ යුගයේ පටන් ශක්ති සම්පන්නයා විසින් සෙසු පිරිස මෙහෙයවීමටඅණ දීමට ඉදිරිපත් වූ අතර සෙසු පිරිස් ඊට අනුව ක‍්‍රියාත්මක වියමෙම තත්ත්වය මීමැස්සන්වඳුරන් වැනි සත්ව කාණ්ඩ වෙතින් ද නිරූපිතයමානවයා ශිෂ්ටාචාර ගතවෙත්ම ගෝත‍්‍ර අතර විවිධ ලක්ෂණ වලින් සමන්විත නායකයන් නිර්මාණය වියසංස්කෘති ගත වෙමින් විධිමත් සමාජ ක‍්‍රමයක් ගොඩනැගෙත්ම නායකත්ව සංකල්පය ද වඩාත් පුළුල් හා සංකීර්ණත්වයට පත්වියසමාජය සංකීණවෙත්ම ආගමික නායකයන්දේශපාලන නායකයන් හා ආයතනික ප‍්‍රධානීන් ආදී ලෙසින් වර්තමානය වන විට පුළුල් කණ්ඩායම් අතර පවා තවත් කුඩා කණ්ඩායම් රැසක් පවතින ස්වභාවයක් දිස්වේඒ සෑම කණ්ඩායමක්ම මෙහෙයවීමට ඒකරාශීව අරමුණ වෙත ලඟාවීමට නිසි නායකත්වයක් අවැසි බැව් අවිවාදිතය.

       සැම සමාජ කණ්ඩායමක් තුළම නිරූපිත නායකත්වය නිවැරදිව හඳුනාගැනීම ඔබ අප සියලු දෙනාටම දෛනික දිවි පෙවෙත සාර්ථකව ගත කිරීමට රුකුලක් වනවා සේම  සැබෑ නායකත්ව ලක්ෂණ අනුව වඩාත් සුදුසු නායකයන් තොරා ගැනීම මගින් ඔබ ඇතුළත්ව සිටින සමාජ කණ්ඩායම් වලටද සාර්ථකත්වය වෙත් ඉලක්ක ගතවීම පහසු කරවනු ඇතනායකත්වය පිළිබඳව රටක් පාලනය කරනු ලබන නායකයා ඇසුරු කරගනිමින් විග‍්‍රහ කිරීම වඩාත් ප‍්‍රායෝගික වේ යැයි සිතමිරටක මුල්ම පුරවැසියා ලෙස ද හැඳින්වෙන රාජ්‍ය නායකයා අතීත සමාජය රජු ලෙස හැඳින්වූ අතර වර්තමානයේ ජනාධිපති වරයා ලෙස හැඳින්වේඔහු වෙත අතීතයේදී පාරම්පරිකව බලය පැවරුණු අතර එම බලය යාවජීව ලෙස හිමි වූ නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ලොව පුරා ව්‍යාප්ත වීමෙන් නායකයා පුරවැසියාගේ කැමැත්ත මත තොරා ගැනීමේ බලය එනම් ජන්ද බලය ජනතාවට හිමිවියමැතිවරණයකින් වසර කිහිපයක් සඳහා උදාහරණ ලෙස ඇමරිකාවේ වසර හතරක්මෙරට වසර පහක් ආදී ලෙසින් විවිධ රටවල් එම බලය පවරනු ලබයි

           නායක්ත්වය යනු උපතින්ම එනම් සහජයෙන් උරුම වූ දක්ෂතා මත තීරණය වන්නක් බවට මතයක් පවතින අතර තවත් පිරිසකගේ මතය වී ඇත්තේ එය ප‍්‍රගුණ කිරීමෙන් හිමි කරගත හැක්කක් වන බවයිමෙවන් මතවාද රැසක් ඉදිරිපත් ව ඇති අතර අවධාරණය කරගත යුතු තවත් කරුණක් නම් නායකත්වය හිමි වූ පමණින්ම සාර්ථක නායකයෙකු බවට පත් විය නොහැකි බවයිමන්දයත් තමාට හිමිව ඇති වගකීම නිසි පරිධි අවබෝධ කරගෙන ඒ අනුව වඩාත් සූක්ෂම සේම වඩාත් කාර්යක්ෂමව සාර්ථකත්වය වෙත මත පිරිස මෙහෙයවීම ඔහුට හෝ ඇයට පැවරේ

  ලොව පුරා දක්නට ලැබෙන නායකයන් මූලික වශයෙන් වර්ග දෙකක් යටතේ ගත හැකිය.    

  • විධිමත් නායකත්වය
  • අවිධිමත් නායකත්වය


          සංවිධානයක් තුළ අධිකාරිමය බලය පදනම්ව යටත් පිරිසට නියෝග දීම සඳහා අදාළ තනතුරට පත් වන කළමණාකරුවන් වැනි පිරිස් විධිමත් නායකයන් ලෙසත් පුද්ගලයෙකුට හිමි අධිකාරීමය බලයට අමතරව පුද්ගල සම්බන්ධතාබලපෑමේ හැකියාවසමාජශීලී බව ආදිය මත විධිමත් නායකත්වයත් හිමිවේ. (විකීපීඩියා;02) මේ අනුව ලංකාවේ රාජ්‍ය නායකයා විධිමත් ධූරාවලියක් ඔස්සේ නොපැමිණෙන බැවින් අවිධිමත් වර්ගයෙහිලා ගත හැකියකණ්ඩායමක නායකත්වය හොබවන ස්වභාවයන් විවිධාකාරවේමේ අතර නායකත්වය නිරූපණය වන විවිධ මාදිලි දක්නට ලැබේඑනම් යම් කාර්යයක් සම්බන්ධයෙන් ක‍්‍රියා කරනු ලබන හෝ කණ්ඩායමේ අනුගාමිකයින් වෙත ප‍්‍රවේශ වන ආකාරය නායකත්ව මාදිලි ලෙස හැඳින්වේනායකත්ව පෞරුෂය හා අවස්ථා අනුව විශ්ලේෂණය කිරීමේදී මූලික වශයෙන්

  •           අධිපතිවාදී නායකත්වය
  •           ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකත්වය
  •           නිසොල්මන් නායකත්වය


           ලෙස මාදිලි කිහිපයක් හඳුනාගත හැකියමෙම මාදිලි ඔස්සේ සාර්ථක රාජ්‍ය පාලකයෙකුගේ කි‍්‍රයා කලාපය කෙසේ විය යුතුද යන්න මා එම තනතුරට පත් වුවහොත් කෙසේ ක‍්‍රියාත්මකවේද යන්න ඇසුරි විමසා බැලිය හැකියනායකත්වය පිළිබඳ කතා කිරීමේදී රාජ්‍ය නායකයාට විශාල වගකීමක් පැවරේසමස්ත රටේ පුරවැසියන්ගේ වගකීම තමා සතු බැවින් පෙර සූදානමෙන් යුතුව හා දුර දක්නා ණුවනින් ක‍්‍රියා කළ යුතුයවිවිධ අවස්ථා වලදී ඊට උචිත ස්වරූපයෙන් ක‍්‍රියා කිරීම අවශ්‍ය බැවින් ඒ අනුව නායකත්වය ඉහත මාදිලි වලට අනුගතව ක‍්‍රියාත්මක වීම වැදගත් කරුණකි.

            අධිපතිවාදී නායකත්වයේ විශේෂත්වය නම් සමස්ත පාලනය සියතට ගැනීමයිනමුත් වත්මන් රාජ්‍ය නායකයෙකුට එලෙස ක‍්‍රියා කිරීම දුෂ්කරයමන්දයත් රාජ්‍ය පලනය යන් අති සංකීර්ණ වූ භාරධූර වගකීමකිතම අමාත්‍ය මණ්ඩලයේ සියලු රැස්වීම් වලට සහභාගී වීමඒවා මෙහෙයවීමතම ප‍්‍රතිපත්තියම මත පමණක් ක‍්‍රියා කිරීම යෝග්‍ය නොවේහේතුව නම් ඔහු නියෝජනය කරනුයේ තම රටේ පුරවැසියායඔවුන් තමා හට බලය ලබාදී ඇත්තේ ඔවුන් සාර්ථකව මෙහෙයවීමේ හැකියාව තමා සතුව ඇතැයි යන අපේක්ෂාවෙනිපැවරී ඇති කාර්යය එනම් රාජ්‍ය පාලන කටයුතු පිළිබඳව මනා දැනුමක්අවබෝධයක් සේම කාර්යක්ෂමව ඉටු කරනු ඇතැයි යන අපේක්ෂාවෙන්යජනතාව තමාට යහපත් රාජ්‍ය පාලකායකු වෙමින් සිය දිවි පෙවෙත සාර්ථක කිරීමට උරදෙන්නෙකු  යැයි සිතුවද සෑම අවස්ථාවකදීම අධිපතිවාදීව ක‍්‍රියා කිරීම උචිත නොවේනමුත් එසේ ක‍්‍රියා කිරීමට උචිතඇමරිකාවේ ලිනකන් ජනපතිවරයා වහල් වෙළඳාම තහනම් කිරීම වැනි අවස්ථාද පැවතිය හැකි බැවින් ස්ථානෝචිතව මෙම මාදිලි ක‍්‍රියාත්මක කිරීම සුදුසුයජර්මන් ජාතික ඇඩොල්ෆ් හිට්ලර් මෙසේ අධිපතිවාදී ස්වරූපයෙන් ක‍්‍රියා කළ පාලකයෙකිරට ආරක්ෂා කිරීමේ හමුදා පාලන බලය පවා තමා යටතේ තබා ගත් අතර ඒකමාර්ගික සන්නිවේදනයක් ක‍්‍රියාත්මක වූ බැවින් තමා සිදු කරන ක‍්‍රියාවන් ගැන ප‍්‍රශ්න කිරීමට හෝ ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට කිසිවෙකුට ඉඩක් නොවීයඔහු තුළ දක්ෂ සන්නිවේදකයෙක් සිටි අතර එවන් ලක්ෂණ නායකයෙකු තුළ වර්ධනය විය යුතු කුසලතාවන් වන්නා සේම තමා හට බලය හිමි වුවද එය අනිසි ලෙස පරිහරණය නොකර තම කණ්ඩායමේ එනම් පාලනය මෙහෙයවන මැති ඇමති වරුන්ගේ අදහසටද ඉඩක් දීම යෝග්‍යවේතමාට වඩා ඇතැම් විට ඔවුන් වයසින් මුහුකුරා අත්දැකීම් වලින් පරිපූර්ණ වී ඇත්නම් තමා නොදකින පැති දුර්වලතා දැකීමට හැකිවේඑක් පුද්ගලයෙකු තනිව යන ගමනට වඩා වැඩි දුරක් පිරිසක් එකට එකතුව යාම ශක්තියකිඔවුන් අභිප්‍රේරණය කරමින් දිරි ගැන්විය යුතුයකණ්ඩායම් සාමාජිකයන් වන මැති ඇමති මණ්ඩලයේ පුද්ගල නිදහස නැති වන ලෙස කෲර හා අත්තනෝමතික පාලනයක් ගෙන නොයා සාමාජිකයන්ගේ අවශ්‍යතා විමසා සාධාරණ වැටුප්නිවාඩු ලබාදීම වැදගත්වේ.

            ප‍්‍රජාතන්ත්‍රීය නායකත්වය ගත් විට කණ්ඩායමට ප‍්‍රධානත්වය දී සම්බන්ධීකාරකයෙකු ලෙස ක‍්‍රියා කරයිමෙහි විශේෂත්වය නම් ද්විමාර්ගික සන්නිවේදනයක් සිදුවන අතර සෑම සාමාජිකයෙකුගේම අදහස් මත විමසයිප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ වලින් නිර්මිත පාර්ලිමේන්තුවේදී පනත් කෙටුම්පත් විවාදයට ගෙන පක්ෂ විපක්ෂ මතයන් විමසා ඉන් ගත යුතු දේ ගෙන සාර්ථක පාලන රටාවක් ගොඩනැගිය හැකියතම දුර්වලතා සේම තම අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ගේද දුර්වලතා හැකියාවන්දක්ෂතා හඳුනාගෙන ඒ අනුව අමාත්‍යංශ පවරාකළ යුතු කාර්යයන් පැහැදිලි කරමින්ඔවුන් තුළ චිත්ත ධෛර්යය වර්ධනය වන ලෙස නායකත්වය මනා පෞරුෂයන් ගොඩනගා ගැනීම වැදගත්වේවිශ්වසනීයත්වය රැකෙන ලෙස කතා කිරීම පමණක් නොව මනා කළමනාකාරීත්වයෙන් යුතුව භෞතික හා මානව සම්පත් යෙදවීමෙන් විධිමත් කි‍්‍රයා කලාපයද ගොඩනගා ගැනීමෙන් ගෞරවය හා පක්ෂපාතීතවය මගින් ආදර්ශවත් නායකත්වයක් නිර්මාණයවේඑසේම නීති ගරුක වීමඇමති මඬුල්ලට පැවරූ කාර්යයන් අධීක්ෂණය කරමින් නිසි පුහුණුවක් යටතේ කාර්යයන් සාර්ථක කරගැනීමේ වගකීම සියතට ගත යුතුයසැම සාර්ථකත්වයක් පිටුපස මෙන්ම පරාජයක්ටම හේතුව තම මගපෙන්වීම බව සලකා ඒ සියල්ලට ශක්තිමත්ව මුහුණ දෙමින් විඳදරා ගනිමින් කණ්ඩායම සමග ඉදිරියට යා යුතුය.

            නිසොල්මන් නායකත්වය යනු තම කණ්ඩායමට විශාල මග පෙන්වීමක් නොකරනබලපෑම් නොකරන නාමමාත‍්‍රික ස්වභාවයක් ගන්නා නායකත්වයකිරාජ්‍ය පාලකයෙකු ලෙස මෙසේ ක‍්‍රියා කිරීමටද සිදුවේනමුත් එය පමණ ඉක්මා නොයා යුතුයසාමාජිකයන්ට අනිසිලෙස බලපෑම් නොකර සුදුසු අවස්ථාව එළබෙන තෙක් හිඳ උපක‍්‍රමශීලීව හා ඉවසීමෙන් ක‍්‍රියා කළ යුතුයමෙහි ඇති අහිතකර තත්ත්වය නම් ගාමක බලයක් නොමැති කමින් සාමාජිකයන් විවිධ අරමුණු වෙත යොමු වීම සේම කණ්ඩායමේ වෙනත් සාමාජිකයෙකු නායකත්වය වෙත ඉස්මතු වී පෙනීමයිමින් වසර කිහිපයකට පෙර විපක්ෂනනායකව සිටි රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවට සජිත් පේ‍්‍රමදාස මහතා ඉස්මතු වීම මීට උදාහරණ කොටගත හැකිවේඉවසීමෙ ගුණයදරාගැනීමේ ශක්කිය සේම අවස්ථාවෝචිතව තම තත්ත්වය රැකගනිමින් සාමාජිකයන් හා සියලු දෙනාගේ පැවැත්මද ආරක්ෂා කරගනිමින් රටේ ජනතාවට යහපත උදා කිරීම යහපත් රාජ්‍ය නායකයෙකුගේ ලක්ෂණයයි.

            ඉහත කරුණු මැනවින් විමසා බැලීමේදී පැහැදිලි වන්නේ නායකත්වය යන්න නිශ්චිතව විග‍්‍රහ කළ නොහැකි සංකල්පයක් බවයිඔහු විසින් තම කණ්ඩායම මෙහෙයවීමේදී ප‍්‍රගුණ කළ යුතු ගුණාංග රැසකිඑය අවස්ථානුකූලව ඉහත මාදිලි අනුව ක‍්‍රියාත්මක වන අතර මෙකී නායකත්වය පිළිබඳව රාජ්‍ය නායකායකු ඇසුරින් විමසීමට ලක් වියරටේ ප‍්‍රධාන පුරවැසියා වන ඔහුට නිශ්චිත කාලසීමාවක් සඳහා බලය පැවරෙන අතර ඔහුගේ වගකීම වන්නේ එම ජනතාව නිවැරදිව මෙහෙයවමින්අනාගත සුබසිද්ධිය සැලසීමයිතම වගකීම නිසිලෙස වටහා ගෙන වඩාත් යෝග්‍ය ඇමති මණ්ඩලයක් මාර්ගයෙන් ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙමින් තම නායකත්ව හැකියාවන් නිරූපණය කරමින් සාර්ථක නායකයෙකු වීමට අවැසි කරුණු පැහැදිලි කෙරුණිරාජ්‍ය පාලකයා පමණක් නොව වර්තමාන සංකීර්ණ සමාජයේ කණ්ඩායම් ගතව විවිධ අරමුණු උදෙසා ක‍්‍රියා කරනු දක්නට ලැබේසමිති සමාගම්රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්කළමනාකරුවන් වැනි පිරිස් පමණක් නොව පාසලේ පන්ති නායකයා වැනි නායකයන් වත්මන් සමාජයේ දක්නට ලැබේඑම ගුණාංග තමා තුළද වර්ධනය කර ගැනීම සෑම පුද්ගලයෙකු තුළම සිටින නායකයා සාර්ථක කරගැනීමට හේතු වනු නොඅනුමානය.


උපුටා ගැනීම්
1. හේවගේනිශාන්ත. (2014). සංජානනය-නායකත්වය[online]. (URL http://sadahama.bloápot.com) (Accessed 17/01/2016).
2.      විකිපීඩියා. (2015). නායකත්වය[online]. (URL http://si.wikipedia.org) (Accessed 17/01/2016).



4 comments:

  1. Number eka danna puluwanda?
    Thawa thorathuru tikak ganna.plz

    ReplyDelete
  2. Caesars agrees to sell WynnBET for $4.6 billion
    WynnBET, 논산 출장샵 a company that 문경 출장마사지 buys properties for $4.6 billion, and Caesars Entertainment, 인천광역 출장안마 the 동해 출장마사지 joint venture of Wynn Resorts and 군포 출장안마 Wynn Macau,

    ReplyDelete