ජීවිතයේ සැබෑ අරුත සිහි කැන්දූ මෙදා වෙසක්......
මෙදා පාර අපි කාටත් වෙසක් වල සැබෑම අරුත වටහා ගන්න අවස්තාව ලැබුණා කිව්වොත් ඔයාල මාත් එක්ක එකඟයි නේද?
අපේ රටේ මිනිස්සුන්ගෙ අාගන්තුක සත්කාර ඉහළයි කියල පිට රට්ටුත් කියනවනේ.
අපේම කෙනෙකුට දුකක් කරදරයක් උණාම පිහිට වෙන්න නොපැකිළිව ඉදිරිපත්වෙන මිනිස්සු තවමත් මෙහෙ ඉන්නවා. එහෙම නේද?
අරනායක නාය ගියා,කොළඹ අවට ප්‍රදේශ රැසක් ගං වතුරින් යට උණා. මේ වගේ කරදර ගොඩකට විවිධ ප්‍රදේශ වල ජනතාවට මුහුණ දෙන්න සිද්ධ උණානෙ.
හැමෝටම පුළුවන් විදිහට උපකාර කළා. ඒක අපි මාධ්‍ය වලිනුත් දැක්කනේ.
හමුදාවෙ අපේ රණ විරුවො විශාල කැපවීමකින් විපතට පත්වෙච්චි අයට උපකාර කළා. සිරස, ස්වර්ණවාහිනිය, දෙරණ වගේ මාධ්‍ය අායතන ලංකාවෙ හැමතැනින්ම අාධාර රැස් කරලා විපතට පත් වෙච්චි අයට ලබා දුන්නා. කෑම උයල ගෙනින් දෙන්න පවා වැඩ පිළිවෙළ සංවිධානය කරා. අපේ මිනිස්සු හුගදෙනෙක් පුළුවන් විදිහට උදව් කළා.උදේ වැඩට එද්දි වැඩිපුර කෑම පාර්සල් ගෙනැල්ලා කොටුවෙ ස්ටේෂමේ රැස් කළා. හැම ගමකම වගේ රැදිපිළි, වියළි සලාක, පානීය ජලය වගේ දේවල් පවා එකතු කරලා ගෙනින් දුන්නා. ඒ අතර face book වගේ සමාජ මාධ්‍ය යොදාගෙනත් මේ සහන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා අපි දැක්කා. වෙසක් පෝයට සංවිධානය කරපු දන්සල් අවලංගු කරලා ඒ මුදල් වලින් සහනාධාර ගෙනිල්ලා විපතට පත්වෙලා අැදි වත විතරක් ඉතුරුවෙලා හිටපු මිනිස්සුන්ට නැගිටින්න අත දෙන්න තරම් අපේ රටේ පරිත්‍යාගශීලීන් ඉන්නවා කියන්නෙ මොන තරම් සතුටක්ද........
ඒ අතරෙ දැකපු තවති විශේෂම දෙයක් තමයි ගංවතුරෙ ගහගෙන යන පූසො, බල්ලො වගේ සත්තු පවා බේරගන්න තරම් මනුස්සකම දන්න මිනිස්සුත් අපි දැක්කා.
මේ දේවල් දකිද්දි, අහද්දි ලංකාවෙ මිනිස්සු මොන තරම් පරිත්‍යාගශීලී ද කියල හිතෙනවා.
හැබැයි යාළුවනේ කණගාටුව කාරණාත් සිද්ධ නොවුණාම නෙමෙයි.
විපතට පත්වෙච්ච අයට වැඩිපුරම තිබුණ බය තමයි ගෙයින් ඉවත් උණාම ඒකෙ තියෙණ බඩු හොරු, මංකොල්ල කාරයො ගනීවි කියලා.
අනේ එහෙම දේවළුත් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවද කියලා සමහර අයට පුදුමත් හිතෙනව අැති නේද? හරියට ගහෙන් වැටුණ මිනිහට ගොනා අනිනව වගේ.......
අැත්තටම එහෙම අයත් ඉන්නවා. ඒ වගේම අපේ සමහර දේශපාලඥයොත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදපු හැටි ඔයිලත් දකින්න අැතිනෙ.....
කොච්චර පරිත්‍යාගශීලී මිනිස්සු හිටියත් අවස්ථාවාදී මිනිස්සුත් ඉන්නවා ඉතිං.
ඒක ලෝක ස්වභාවය කියල තමයි හිතන්න වෙන්නෙ. එහෙම දේවල් කරල අායෙත් මනුෂ්‍ය අාත්මයක් නම් පතන්න බැරි වෙයි. එහෙම නේද යාළුවනේ ?
No comments:
Post a Comment