ඉතිහාසයේ පටන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ
සුවිශේෂී සංදිස්ථාන සනිටුහන් කළ මහා බ්‍රිතාන්‍යය වර්තමාන ලෝකයේ ධන වාදී රටවල්
අතර ප්‍රබල ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක් ලෙස හැදින්විය හැකිය.
මෑතකදීද ඒ බැව් පසක් කරමින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ්
කැමරන් මහතාගේ ක්‍රියා කලාපය මහජන ප්‍රජාතන්ත්‍රවාදය සේම මහත්මා දේශපාලනයට කදිම
උපහැරණයක් සපයයි. එරට දේශපාලන ක්‍රමය අනුකරණය කිරීමෙන් ගොඩනැගී
අැති මෙරට දේශපාලන ක්‍රමයට මෙවන් ගුණාංග අැතුළත් නොවීම මවිත විය යුත්තකි.
බ්‍රිතාන්‍යය, යුරෝපා
සංගමයේ සිටිය යුතු ද නැතහොත්
ඉන් ඉවත්වී ස්වාධීන විය යුතුද යන්න පිළිබඳව ඉකුත්දා පැවැත්වුණු ජනමත විචාරණය සඳහා බ්‍රිතාන්‍යය
පුරා මිලියන 46 ක ජනතාවක් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා සිටි අතර එම ජනමත විචාරණයේ ප්‍රතිඵල
අනුව 52% ක ජනතාවක් ප්‍රකාශ කොට ඇත්තේ බ්‍රිතාන්‍යය යුරෝපා
සංගමයෙන් ඉවත් විය යුතු බවටයි. යුරෝපා
සංගමය සමග සිටිය යුතු බවට ප්‍රකාශ කොට ඇති ඡන්ද ප්‍රතිශතය 48% කි.
ඒ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වී ස්වාධීන ලෙස ක්‍රියා කළ යුතු බවට වූ
ජන මතය ජයග්‍රහණය කළේය.
එම ප්‍රතිඵලයත් සමග බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා තම
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ. බ්‍රිතාන්‍යය යුරෝපා හවුලේ සිටිය යුතු බවට ඩේවිඩ්
කැමරන් මහතා හඬ නැගූ අතර ජනමත විචාරණයෙන් ඔහුගේ මතය පරාජය වීම මෙම ඉල්ලා අස්වීමට
හේතු වී ඇති බව පැවසේ.
ජනමත විචාරණය ප්‍රතිඵලයත් සමඟ ඩේවිඩ් කැමරන් මහතා
ජාතිය අැමතූ අතර "ලබන ඔක්තෝබරයේ කන්සවේටිව් පක්ෂයේ වාර්ෂික සමුළුවේ දී අප
අලුත් අගමැති කෙනකු තෝරා ගත යුතුයි" යනුවෙන් ඔහු පවසා තිබේ.
සිය මතය සහ ජන මතය අතර පරස්පරතාවක් මතු වූ එවන් අවස්ථාවක ජනමතයට හිස නැමීමට තරම් නිහතමානී වීම ලෝකයාටම සේම මෙරට පාලකයන්ටද ප්‍රබල අාදර්ශයක් බව සිතට ගැනීමට මග පාදන්න ක්‍රියාවක් බව අවිවාදිතය.
No comments:
Post a Comment